Sunday, September 27, 2009

ටෙක්නෝ 2009(Techno 2009) ඉංජිනේරු ප්‍රදර්ශනය

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට,ඉංජිනේරු සිසුන්ට,පාසල් වල නව නිර්මාණකරනයේ යෙදෙන්නන්ට,ඉංජිනේරු ආයතනවලට ඉතා වැදගත් වන ලාංකේය ඉංජිනේරුවන්ගේ මහා කල එළි මංගල්‍යය වන ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනය IESL මගින් සංවිධානය කරන ටෙක්නෝ 2009/Techno 2009 ඉංජිනේරු ප්‍රදර්ශනය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ඔක් ‍තෝබර් 9,10,11 තෙදින තුළ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවෙහිදී පැවැත්වෙනවා.මෙවරද පසුගිය වසර තුළ මෙන් ශ්‍රී ලංකාවේ සියලුම ඉංජිනේරු පීඨ සහිත විශ්ව විද්‍යාල.තොරතුරු තාක්ෂණ පීඨ සහිත විශ්ව විද්‍යාල,HNDE,TTI(NDES),NDT වැනි රජය යටතේ පවතින වරලත් ඩිප්ලෝමැටික ඉංජිනේරුවන් බිහිකරන ආයතන,රාජ්‍ය හා පෞද්ගලික ඉංජිනේරු/තාක්ෂණික ආයතන ‍රැසක ප්‍රදර්ශන කුටි ‍රැසක් මෙවරද ශ්‍රී ලාංකිකයන් වන අපහට දැකගත හැකිවේවි.ගියවර ප්‍රදර්ශනයේදී විවෘත විශ්ව විද්‍යාලයීය ප්‍රදර්ශන කුටිය වෙනුවෙන් ප්‍රදර්ශකයෙකු ලෙස කටයුතුකල මා එහිදී ලබාගත් අත්දැකීම් අතිවිශාලයි.නවක සිසුවෙකු ලෙස විශ්ව විද්‍යාලයට පැමිණි මුල් අවදියේදීම මෙවැනි අත්දැකීමක් ලබා ගැනීමද ඉතා දුර්ලභ අවස්ථාවක් මෙන්ම භාග්‍යයක් (මට තමීර සොයුරාව ප්‍රථම වතාවට මුණ ගැසුනේද මෙම ප්‍රදර්ශනයේදී).එසේම ගියවර ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන්ගේ වැදගත් එමෙන්ම සුවිශේෂී නිර්මාණයන් ‍රැසක් අපහට දැකගත හැකිවූවා.ඒ අතරින් මා හට මතක් වන නිර්මාණයන් කිහිපයක් නම් රුහුනු විශ්ව විද්‍යාලයේ අවසන් වසර සහෝදරයන් තිදෙනෙකුගේ හා සොයුරියකගේ නිර්මාණයක් වූ Smart Bee ‍රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේදය,කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වූ "Pokura Pc","වසන් පොකුර"නම් වූ උබුන්‍ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කිරීමෙන් නිපදවූ එකම පරිගණකය කිහිපදෙනෙකුට එකම අවස්ථාවේදී බහුතිර ,බහු යතුරුපුවරු භාවිතයෙන් පරිශීලනය කිරීමේ පහසුකම ලබා දෙන මෘදුකාංගය,එමෙන්ම ඔවුන්ගේ තවත් නිර්මාණයක් වූ ජංගම ATM මෘදුකාංගය දැක්විය හැකියි.අපහට ආඩම්බර විය හැකි කරුණ නම් මේ සියලු නිර්මාණ විශ්ව විද්‍යාල සිසුන් වන අපගේම සොයුරු සොයුරියන්ගේ නිර්මාණයන් වීමයි.මක්නිසාද යත් මේ ශ්‍රී ලංකාවේ අනාගතය වන නිසාවෙනි.මෙවරත් එවැනි නව නිර්මාණ බොහොමයක් තිබෙයි කියා හිතනවා.තවද ගියවර ප්‍රදර්ශනයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශන කුටිය හිස්ව තිබීම කණගා‍ටුවට කරුණක්.මෙවර එසේ නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.අවුරුදු කිහිපයක් තුළදී ගොඩනැගුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය,සිංහල යුනිකෝඩ් එකමුතුව හා එක්වසිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය /විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව,කණිෂ්ඨ/ජේෂ්‍ය පාසල් ශිෂ්‍ය ප්‍රජාව ,පාසල් ආචාර්ය ප්‍රජාව,විදුහල්පතිවරු ,විවිධ ක්ෂේත්‍ර වල සිටින අපගේම මවු භාෂාව තුලින් එකිනෙකා හා සංනිවේදනය කරන,අපගේ මවු භාෂාවේ දියුණුවට උරදෙන අපගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට මා මෙවර ටෙක්නෝ 2009 ඉංජිනේරු ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ඇරයුම් කරනවා...


පලි:-මෙතෙක් කාලයක් පැරණි ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණ ගැන නම් ටෙක්නෝ ප්‍රදර්ශන වලදී කතා වෙලා නම් නැහැ.ඒවාටත් මෙවර ප්‍රදර්ශනයේදී කවුරුන් හෝ ඉදිරිපත් කිරීමක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

1 comment:

  1. ඇත්ත. මෙම ප්‍රදර්ශනය ලංකාව තුල තිබෙන සියළුම තාක්ෂණික ආයතන වගේම එම ක්ෂේත්‍රයේ සිටින සියළුම දෙනාට වැදගත් අවස්ථාවක්. තමුන්ගේ හැකියාවන් / භාණ්ඩ එළි දැක්වීමට කදිම ස්ථානයක්. විශ්ව විද්‍යාල වලින් තිබෙන කුටි ඇරුනම නර්ඩ් ආයතනයෙන් තිබෙන කුටියත් විශේෂයි. ඇයි "වසරේ කණිෂ්ට නව නිපැයුම්කරුවා" තේරීමේ තරඟයේ අවසන් ජයග්‍රහකයින් තමුන්ගේ නිපැයුම් පෙන්වන කුටිය. ඒක මෙම ප්‍රදර්ශනයේ සුවිශේෂ අංගයක්.
    මම ඒ ගැන් ලිව්ව ලිපිය මෙතනින් කියවන්න පුළුවන්.
    http://mysinhalablog.blogspot.com/2009/09/blog-post_19.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..