ටික දවසක නිහැඬියාවකින් පස්සේ මගේ සිංහල බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ වෙච්ච පොරොන්දු ඉටු කරන්න . අනික ලියන්න කියලා කරදර කරන අලුත් එකෙක් ඉන්නවා. පරිගණක පාලන පද්ධති ගැන පම්පෝරි ගැහුව එකා( වැඩර් :-) ) කෝ කියලා කට්ටිය හොයනවත් ඇති.පහුගිය දවස්වල තරමක් කාර්යයබහුල වුණා . මොකෝ අපේ සරසවිය (විවෘතය)ආරම්භ කර වසර තිහක් සපිරීම නිමිත්තෙන් ජූලි 28,29 හා 30 වනදා පැවත්වුණු ප්‍රදර්ශනය නිසාවෙන් හා ඒ වෙනුවෙන් ප්‍රදර්ශන භාණ්ඩ සැදීමට කාලය කැප කිරීමට සිදුවීම . මා අයත් වන ඉංජිනේරු තාක්ෂණ පීඨයේ , විදුලි හා පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා මම නිර්මාණය කළේ මෙම ලිපි පෙළෙහි සඳහන් වන පරිගණක පාලන පද්ධති වල සරල අවස්ථාවක්. එයට පාසල් සිසුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් අගෙයි. එම නිර්මාණයේ ඇසුර අද මේ ලිපියට උදව්වක් කර ගන්නවා. හෝව් කතා ඇති , එහෙනම් බහිමු වැඩට..
නැවත්තුවේ සමාන්තරගත තොටුපලේ දත්ත රෙජිස්ටරයෙන්.දත්ත රෙජිස්ටරය කියන්නේ බිට් අටක(8 bit) රෙජිස්ටරයක්.බිට් අටක් කියන්නේ බයිට් එකක්. තව දෙයක් කියන්න තියෙනවා . පරිගණකයට තේරුම් ගන්න පුළුවන් යන්ත්‍ර භාෂාව විතරයි. ඒ කියන්නේ එකයි බින්දුවයි විතරයි(only 1 and 0) .මේ විදිහට යන්ත්‍ර භාෂාවෙන් දත්ත හුවමාරු කරන්නේ වෝල්ටීයතා මට්ටම් පාලනය කිරීමෙන්. අංකිත ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ (digital electronic) පදනම තමයි මේක . අප කතාකරන රෙජිස්ටරයට ප්‍රතිදාන අග්‍ර අටක් අයත් වෙනවා.මේ අග්‍ර වලින් තමයි අංකිත දත්ත පිටතට ගෙන යන්නේ . අපට වුවමනා පරිගණක වැඩසටහනක් මගින් මෙම අග්‍ර සියල්ලෙහි අගය එක පාරටම ඉහළ අගයකට ගෙන එන්නත්, පහසුවෙන් පහළ අගයකට ගෙන එන්නත් පුළුවන්. කට්ටියට තේරුනේ නැහැ නේද? හරි කලබල නොවී ඉන්න . එකින් එක පිළිවෙලට කියන්නම්.සමාන්තරගත තොටුපළ කියන්නේ අංකිත තොටුපළක් . මෙහි දත්ත රෙජිස්ටරයෙහි අග්‍රවල අගය ඉහළ අගයකට ගෙන එනවා කියන්නේ අග්‍රවල විභවය +5v අගයකට ගෙන එනවා.ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව අනුව මේ අග්‍ර අටටම 11111111 අගය ලැබෙනවා. මෙය දහයේ පාදයෙන් 255 ද, දහසයේ පාදයෙන් FF ලෙස දක්වන්න පුළුවන්. අග්‍රවල අගය පහළ අගයකට ගෙන එනවා කියන්නේ අග්‍ර වල ප්‍රතිදාන වෝල්ටීයතාවය 0v කරන එක .එතකොට අග්‍ර අටෙහිම අගය දෙකේ පාදයෙන් 00000000 වනවා. මේක දහය පාදයෙනුත් 0 , දහසයේ පාදයෙනුත් 0 ම තමයි . දහයේ පාදය ගැනයි,දහසයේ පාදය ගැනයි ලියන්නේ පාඩම් මාලාවේ ඉදිරි භාවිතයක් සඳහා. ඒ ගැන පසුවට කතා කරමු :-) .
පහත දැක්වෙන්නේ දත්ත රෙජිස්ටරයේ අග්‍ර පැහැදිලි කරන සටහනක්..
රූප සටහන දෙස හොඳින් බැලුවොත් පෙනෙන කරුණ තමයි අග්‍ර 25 කින් සමන්විත සමාන්තරගත තොටුපළෙහි 2 වන අග්‍රයේ සිට 9 වන අග්‍රය දක්වා වූ අග්‍ර සියල්ලම අයත් වන්නේ දත්ත රෙජිස්ටරයට බව.ඒවා D0 සිට D7 ලෙස නම් කරනවා . මම කලින් කියපු කරුණක් මතක් කළොත් මෙය බිට් අටක රෙජිස්ටරයක් . ඒ කියන්නේ දෙකේ බල වලින් අග්‍ර එකිනෙකෙහි අගය දක්වන්න පුලුවන් . D0 සිට D7 දක්වා වූ අග්‍ර වලට අනුයාතව මෙමෙ අගයයන් 1,2,4,...,128 ලෙස දක්වන්න පුළුවන් . ටිකක් හිතුවොත් අපට අවශ්‍ය අග්‍රයේ අගය මේ අනුව කෙලින්ම පරිගණක වැඩසටහනක් මගින් ලිව්වොතින් ඒ අග්‍රයට සම්බන්ධ අලෝක විමෝචක ඩයෝඩයක්,විදුලි උපකරණයක් හසුරුවන්න පුළුවන්. උදාහරණයක් විදිහට හතරවන අග්‍රයට සම්බන්ධ ආලෝක විමෝචක ඩයෝඩයක් දල්වන්න වුවමනා නම් කරන්න තියෙන්නේ දහයේ පාදයෙන් 4 අගය දත්ත රෙජිස්ටරයට යවන එක විතරයි.එතකොට එම අගය යන්ත්‍ර භාෂාවෙන් 00000100 වන අතර සමාන්තරගත තොටුපළෙහි හතරවන අග්‍රයෙහි වෝල්ටීයතාවය +5v වනවා.
මෙය සිදු කිරීමට පරිගණක වැඩසටහන් ලිවීම ගැන ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන ගමන් අදට මේ ලිපිය අහවර කරනවා.
--------------------------------------------------------------------------------------------------------------
මේ සමගම windows xp මෙහෙයුම් පද්ධතියේ IRQ resourses වල තිර සටහනක් දමනවා.මේක දමන්නේ මම මේ පාඩම් මාලාවට පදනම් කර ගන්නා මෙහෙයුම් පද්ධතිය windows xp නිසයි. එහි සමාන්තරගත තොටුපළෙහි parallel port දත්ත,තත්ත්ව හා පාලන රෙජිස්ටරවල පරාසයන් දක්වා තිබෙනවා. මෙම පරාස භාවිතයෙන් තමයි අපිට සමාන්තරගත තොටුපළට දත්ත යැවීමට,ලබාගැනීමේ හැකියාව ලැබෙන්නේ..
-------------------------------------------------------------------------------------------------------------
මතක ඇතුව ලිපියේ අඩුපාඩු ගැන කමෙන්‍ටුවක් දාන්න.ඒව තමයි මේ ලිපි පෙළ ලියන්න මට ශක්තියක් වෙන්නේ..
ගොඩක් වැදගත් ලිපි පෙලක්.දිගටම ලියන්න.ඔබට ජය.
ReplyDelete@dinesh
ReplyDeleteදුරක ඉඳන් වුනත් මේක බලලා යන ප්‍රතිචාර එක් කලාට බොහොම ස්තූතියි..
jaya wewaa
ReplyDeletedigatama liyanna
podi adahasak
ReplyDeleteblog eke akuru tikak loku unanam kiyawanna lesiy
itha wedagath lipi pelak.........obata jaya>>>>>>>
ReplyDelete