මෙය අනිකුත් ලිනක්ස් සංස්කරණ වලටද පොදු මෙන්ම පොදු නොවූ ඒ විධාන ටර්මිනලය තුළ අත්හදා බැලීම ඔබට නවමු අත්දැකීමක් විය හැකියි.
සාමාන්‍යයෙන් ඔබට පරිගණක දෘඩ තැටිය ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහත විදාන පෙළ ටර්මිනලයේ සටහන් කරන්න.
duminda@duminda-laptop:~$ cat /proc/partitions
duminda@duminda-laptop:~$ cat /proc/swaps
duminda@duminda-laptop:~$ cat /proc/filesystems
duminda@duminda-laptop:~$ cat /proc/mounts
ඔබට ප්‍රොසෙසරය හා පරිගණක මතකය පිළිබඳ දැනගැනීමට අවශ්‍යනම්,
duminda@duminda-laptop:~$ cat /proc/cpuinfo
duminda@duminda-laptop:~$ cat /proc/meminfo
යන විධාන පෙළ ඇතුළත් කල හැකියි.
ලිනක්ස් කර්නලයේ අනුවාදනය දැනගැනීමට අවශ්‍යය නම්
duminda@duminda-laptop:~$ cat /proc/version සටහන් කරන්න .
පොඩි විනෝදයක් ගන්න ඕන නම්,
duminda@duminda-laptop:~$ cat /proc/kcore
(වැඩේ ආතල් නේද ? හරියට පරණ ඩොස් ගේම් එකක වගේ පද්ධති ස්පීකරයෙන් සද්දේ එනවා නේද ?)
මතක ඇතිව මෙය නිසියාකාරව වැඩ කිරීමට අනිවාර්යයෙන්ම සුපිරි පරිශීලක විය යුතුයි. (su විධානය ලබාදී ඒ බව තහවුරු කරගන්න.)
මේ විධානය නවතින්න ටිකක් වෙලා යයි. මේකෙන් එන සද්ද වලට බය වෙන්න එපා . "ලිනක්ස් වලදී ටර්මිනල විධාන නවත්වන්න හොඳම ක්‍රමය Ctrl+Z "
මේක ගැන වැඩිදුර විස්තර ශාකුන්තලගේ සටහනෙහි මම දක්වපු ප්‍රතිචාරයකට ශාකුන්තල දීපු පිළිතුරක ඇති .
කට්ටියට මේ මං කියන දේ විශ්වාස නැතිවෙයි කියලා හිතෙන නිසා තිර සටහනක් දානවා..
ලිනක්ස් පවුලේ ඔබ සැම අතර ජනප්‍රිය Ubuntu,Fedora,RedHat Linux,Linux Mint,Gentoo Linux සංස්කරණ වල මේ විධාන හොඳට වැඩකරනවා . අපේ කට්ටිය හදපු Hanthana Linux
වලට නම් මම මේවා අත්හදා බැලුවේ නම් නැහැ .
එහෙනම් මිතුරනි අදට සමු ගන්නවා . මොකද මට 24 වෙනිදා වෙනකම් මේ වසරේ අවසාන විද්‍යාගාර,පැවරුම් ගොඩ ගැහිලා නිසා .
මේ විධාන ගැන තවදුරටත් පසු ලිපියක සඳහන් කරන්නම්.ප්‍රතිචාර ප්‍රමාද වූවාට අවුලක් තියා ගන්න එපා . ඔබ සැමගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.