Showing posts with label විද්‍යා/තාක්ෂණ. Show all posts
Showing posts with label විද්‍යා/තාක්ෂණ. Show all posts

Wednesday, October 26, 2011

Windows 7 (PSR) ගැන

කාලයකට පස්සේ ආයෙත් සුපුරුදු බ්ලොග් කෙරුවාවට ආවා ඕං. අද දවසේ ඔබට සුපුරුදු windows 7 මෙහෙයුම් පද්ධතියේ තිබෙන අපූරු උපාංගයක් ගැන කියන්න තමයි මේ සූදානම.මේ  උපාංගයේ නම තමයි PSR( Problem Steps Recorder).මේ ගැන විශේෂයෙන්ම සඳහනක් කරන්න හිතුනේ දැනටමත් windows 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා තමන්ගේ බ්ලොග පවත්වාගෙන යන සහෘදයන්ට උදව්වක් විදිහට :-) . තමන්ගේම බ්ලොග් සටහන් වලට අවශ්‍ය තිර සටහන් ගන්න සමහරවිට තරමක කට්ටක් කන්න ඕන . ඒව සංස්කරණය කරන්නත් තරමක කාලයක් ඔබට වැයවෙනවා . මේ මම සඳහන් කරන psr වලින්  එම කාර්යය ඉක්මන් කරගන්න පුළුවන්.

පළමුව පහත තිරසටහනේ දැක්වෙන ආකාරයට Start menu එකේ psr ලෙස සටහන් කරන්න..(windows 7 වලදී)



ඉන්පසු ලැබෙන වැඩසටහනේ සුපිරි පරිශීලක පහසුකම ක්‍රියාත්මක කරන්න.(එතකොට තමයි හරියට වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ, පහත තිර සටහන් පරීක්ෂාකාරීව බලන්න.)






ඉන්පසු start record බොත්තම ක්‍රියාත්මක කරන්න. මෙවිට මෙම වැඩසටහන පසුබිමේ ක්‍රියාත්මක වනවා. අප කරන සියලු ක්‍රියාකාරකමක්ම මෙම වැඩසටහන මගින් පටිගත වෙනවා.





ඕනම වෙලාවක මෙම තිරය පටිගත කිරීම නවත්වා ආයෙත් නවත්තපු තැන සිට ක්‍රියාත්මක කරන්නත් පුළුවන් .



අවශ්‍ය කොටස පටිගත කරගත් පසු Stop record බොත්තම ඔබන්න. එවිට ඔබට එම සිදුවූ සියලු කාර්යයන් zip ගොනුවක් ලෙසට සුරක්ෂිත කරගත හැකියි..






එම පටිගත කරගත් දෙය නැවත බලන්න වුවමනා නම් ඔබට කරන්න තියෙන්නේ අදාල zip ගොනුව විවෘත කරලා .mht ගොනුවක් ලෙසට තිබෙන පටිගත කිරීම opera,ie වගේ බ්‍රවුසරයකින් නරඹන එක විතරයි.


.mht  ගොනුව විවෘත කරලා බැලුවොතින් ඔබට පෙනෙන දෙයක් තමයි සෑම තිර සටහනකම සෑම  mouse click එකක්ම ලා කොළ  පැහැයෙන් ලකුණු වෙලා තිබෙන බව. ඕන නම් මෙම තිර සටහන් නැවත අපගේ කාර්යයන්ට යොදා ගන්න පුළුවන්.ඒ අතින් බැලුවහම මෙම මෘදුකාංගය ලොකු පහසුවක්.



අද සටහන ලිව්වේ ටිකක් කලබලයෙන් , අඩුපාඩු ඇති ඒවා සටහන් කරන්න , එහෙනම් අදට සමු ගන්නවා . ඔබ සැමට ජය !

Wednesday, August 10, 2011

සාරාංශයක් ..!


පහුගිය දවස්වල මගේ බ්ලොග් එක පැත්තේ එන්න බැරිඋනා. තරමක් කාර්යබහුල වීම තමයි ඒකට හේතුව.ඒවත් එක්කම ඒකාකාරීව ලියපු බ්ලොග් සටහනත් තාවකාලිකව නැවතුනා. මේ සටහන ලියන්නේ පහුගිය දවස්වල ලියපු ලිපි ටිකේ අරමුණ පැහැදිලි කරන්නත් එක්ක. සහෘද ඔබට මතක ඇති මම පරිගණක පාලන පද්ධති පිළිබඳ ලියපු පළමු ලිපිපෙළ. ලිපි තුනකට සීමාවුන එම මුල් ලිපි ටික තරමක් පාඨක පිරිසක් ආසාවෙන් බලන්න පටන් ගත්තා . මම ලිව්වේ අලුත්  දෙයක් ගැන නෙවෙයි , විවෘතයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ වසර 30 ක සංවත්සරය නිමිත්තෙන් පවත්වපු ප්‍රදර්ශනයට තබපු සරල පරිපථය තමයි මේ ලිපිපෙළ ලියන්න හේතු පාදක වුනේ. පළමුව parallel port එක  ගැනත් , පසුව dll  ගොනු ගැනත් ලියපු දේවල් වලින් ඔබට තරමක දැනුමක් ලැබුනානම් ඒක තමයි මට තියෙන සතුට. parallel port  එක ගැන සමහර දේවල් (status register,control register) නම් මට විස්තර කියන්න බැරිවුනා. ආයෙත් වෙලාව තියෙන කොට ඒ ගැන ලියන්නම්. මේ එම ලිපි පෙළෙහි  සම්පූර්ණ සාරාංශය. කියවලා කමෙන්‍ටුවක් දාන්න.

1.පරිගණක පාලන පද්ධති -1
2.පරිගණක පාලන පද්ධති -2
3.පරිගණක පාලන පද්ධති -3
4.DLL නැතිනම් (Dynamic Link Libraries) ගැන 1
5.DLL නැතිනම් (Dynamic Link Libraries) ගැන 2
6..DLL නැතිනම් (Dynamic Link Libraries) ගැන 3

එහෙනම් අදට සමුගන්නවා . ඔබ සැමට  ජය !