Thursday, February 3, 2011

DLL නැතිනම් (Dynamic Link Libraries) ගැන 2

dll ගොනු ගැන ලිපි පෙළෙහි ඉතුරු කොටස ගැන ඒමට ප්‍රමාද වීම සම්බන්දයෙන් ආදරණීය රසික ඔබ සැමට කනගා‍ටුව ප්‍රකාශ කරන අතර නව වසරේ පළමු තාක්ෂණික ලිපිය මෙලෙස ආරම්භ කරනවා. පසුගිය ලිපියට ලැබුන ප්‍රතිචාර බැලුවහම පෙනීගිය එක කරුණක් තමයි සමහරුන්ට මෙය අලුත් අත්දැකීමක් වුනා,සමහර අයට ලිපියේ අපැහැදිලිකම් කිහිපයක් දක්නට ලැබුනා ඒ අතරේ තවත් පිරිසකට ලියපු දේවල් කොහෙත්ම තේරිලා තිබුනේ නැහැ. මම හදිසියට ලියපු දෙයෙහි  පිළිවෙලක් නොමැතිවීම තමයි ඒකට හේතුව :-(  

ඇත්තටම dll(Dynamic Link Library) ගොනුවක් කියන්නේ මොකක්ද?



 dll ගොනුවක් කියන්නේ windows මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉ‍ටුකරන ගොනු විශේෂයක් . හරියටම එය windows මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය බඳුයි . පරිගණකය ආරම්භ කිරීමේදී විශාල dll ගොනු ප්‍රමානයක සහය පතන අතරම තවත් එවැනිම වූ ගොනු විශාල ප්‍රමානයකට ආරම්භක හැකියාව ලබාදෙනවා. මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදී dll ගොනු පද්ධති  මතකයට (System Memeory ) ප්‍රවේශ වෙනවා .මම කලින් ලිපියේ සඳහන් කළ පරිද්දෙන්ම user32.dll ගොනුව මෙහෙයුම් පද්ධතියේ පරිශීලක අතුරු මුහුණත සම්බන්ධයෙනුත්, uxtheme.dll ගොනුව මෙහෙයුම් පද්ධතියේ  තේමා සම්බන්ධයෙන් වග කියනවා. gdi32.dll ගොනුව පරිගණකයේ චිත්‍රක අතුරුමුහුණත් පතට (Graphic Device Interface) අදාළ කාර්යයන්ට වග කියනවා. ඔබ පරිගණක ක්‍රමලේඛණයේ( Programming ) යෙදෙන්නෙක් නම් ඔබට හොඳට හුරු පුරුදු dll ගොනු දෙකකුත් තියෙනවා. ඒ තමයි comdlg32.dll ගොනුව හා comctl32.dll ගොනුව , මෙම ගොනු වලින් comdlg32.dll මගින් පරිගණක වැඩසටහන් වල සම්මත සංවාද කො‍ටු (Common Dialog  Boxes) හරියටම හැසිරවීම සිදුකරනු ලබන අතර , comctl32.dll මගින් windows මෙහෙයුම් පද්ධතියේ සම්මත පාලනයන් හසුරවනු ලබනවා. 


හරියටම අයිකන (icons)අඩංගු dll ගොනුවක ව්‍යුහය දැක බලා ගැනීමට අපට Resource Hunter වගේ මෘදුකාංගයක්  භාවිතා කරලා windows xp වල අයිකන (icons) වලට වගකියන SHELL32.dll ඇතුළත බලන්නත් පුළුවන් . මම ඒ අවස්ථාව  රසික ඔබට අත්හදා බලන්න කියනවා.මෙහිදී SHELL32.dll ගොනුවේ ඇති අයිකන සියල්ල ඔබට පහසුවෙන් දැකගත හැකියි. ඕනම නම් මෙවා අපගේ ක්‍රමලේඛන කටයුතු සඳහා අයිකන ලෙස වෙන්කරගත හැකියි.








සටහන කොහොමද? අඩුපාඩු තියෙනවනම් කමෙන්‍ටුවක් දාන්න..



මෙවර අධ්‍යයන වසරේ අවසාන විභාග  කටයුතු නිසා ඇතිවන කාර්යබහුලත්වය හේතුකොටගෙන මෙම ලිපිපෙළට තරමක විරාමයක් තබන අතරම ඉදිරි ලිපියකින් මෙම dll ගොනුවක් නිපදවීම පිලිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා , මතක ඇතුව ඔබගේ ප්‍රතිචාරයන් මෙහි සටහන් කරන්න.  . ජය .!