© 2009 kaviranga5955@gmail.com විසිනි...
සාමාන්‍යයෙන් තාවකාලික නවාතැන් වල (bording) නැවතිලා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන බොහෝ විශ්වවිද්‍යාල සිසුන් හැමෝටම (හරියට මං වගෙ අයට) පෞද්ගලිකව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව නැහැ(මොකද හැමෝටම HSPA usb dongle ගන්න සල්ලි නැහැනේ).විශ්වවිද්‍යාලයේදී නොමිලේ ලැබෙන අන්තර්ජාල පහසුකම ලබා ගත්තට විශ්වවිද්‍යාලයෙන් පිටත්ව බෝඩිමට ගියාට පස්සෙ තමන්ගේ හිතවතුන්ගේ වෙබ් අඩවි (විශේෂයෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාලවල හිතමිතුරන්ගේ blogger අඩවි) නරඹන්නේ කොහොමද? මට තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි මේක. පස්සේ අන්තර්ජාලය පීරුවාට පස්සේ විසඳුමක් සොයාගත්තා.මොකක්ද ඒ ? opera 9.64 usb portable edition එක.මෙය www.opera-usb.com වෙබ් අඩවියෙන් භාගත කරගත හැකියි.මෙය එම වෙබ් අඩවියෙන් up964int.zip ලෙස නම් වූ හැකිලුම් ගොනුවක් ලෙස ඔබට ලබාගත හැකියි.
ඉන්පසු එය winzip,winrar හෝ ishark වැනි ගොනු හැකිලුම්/දිගහැරුම් මෘදුකාංගයක් භාවිතයෙන් කැමති තැනකට දිගහැරගන්න.(pen drive එකක folder එකකට නම් වඩා සුදුසුයි.)
ඉන්පසුව pendrive එක අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකයට සවිකොට මෙම වැඩසටහන අඩංගු folder එක විවෘත කරන්න. පසුව එහි ඇති OperaUSB අයිකනය මත double click කර වැඩසටහන විවෘතකරගන්න. අත්‍යාවශ්‍යය වෙබ් ලිපිනය addres bar එකේ නිවේශනය කරන්න. මෙම පියවරෙන් පස්සේ තමයි වැදගත්ම කොටස , අත්‍යාවශ්‍යය වෙබ් අඩවියේ නම මෙම බ්‍රවුසරයේ නිවේශනය කොට file මෙනුවෙන් save as විකල්පය යටතේ save as type: Web Archive(single file) ලෙස ලබා දී save බොත්තම ඔබන්න(Mozilla Firefox වලට Google Chrome වලට මේ හැකියාව නැහැ...,නමුත් Internet Explorer වලට පෙරනිමියෙන්ම එහි ඇති save as විකල්පය යටතේ save as type: ලෙස Web Archive,single file(*.mht) ලෙස ගොනු සුරැකුම් කල හැකියි.).
මෙහිදී ඔබ හොඳින් බැලුවහොත් එම සුරැකිව ඇති ගොනු වර්ගය .mht extension එකෙන් සුරැකිව ඇති බව ඔබට පෙනේවි.මොකක්ද මේ .mht ගොනු වර්ගය? Microsoft සමාගමෙන්ම internet explorer බ්‍රවුසරයට නිපදවූ විශේෂ වෙබ් ගොනු හැකිලුම් ක්‍රමවේදයක්.මේ ගැන වැඩි විස්තර මෙම
link එකෙන් බලාගන්න.
ප්රශ්නය එතනින් අහවර නැහැ. බෝඩිමට ආවාට පස්සේ තමයි මට තරු පෙනුනේ. බෝඩිමේ තියෙන මගේ laptop යන්තරේට pen එක ගහලා මේ .mht extention එක යටතේ ඇති ගොනු මත double click කළා විතරයි පෙන්නන්නේ වෙන විකාරයක්. හේතුව Microsoft ආයතනයේම නිෂ්පාදනයක් වන Internet Explorer 7.0 (එතකොට බෝඩිමේ තිබුනු laptop යන්තරයේ පෙරනිමියෙන්ම තිබුනේ Microsoft Internet Explorer 7.0 බ්‍රවුසර සංස්කරණය).එයින් හරියට වෙබ් පිටුවේ සිංහල Unicode පෙන්නන්න බැහැ.මේ තිරසටහන බලන්න.
ඉතින් දැන් මොනාද කරන්නේ? දහ අතේ කල්පනා කරනකොට ආයෙමත් මට පිහිටට ආවේ opera වෙබ් බ්‍රවුසරය.මෙම බ්‍රවුසරයේ තියෙනවා පරිගණක වලට ස්ථාපනය කළහැකි opera 10.0 සාමාන්‍යය සංස්කරණය.මෙය පරිගණකයට ස්ථාපනය කර Start >> Set Program Acess and Defaults යටතේ custom විකල්පය තෝරා එයින් Opera Select(මෙයින් කරන්නේ සම්මත බ්‍රවුසරය ලෙස Opera 10.0 සැකසීමයි).පස්සෙ ආපහු .mht ගොනු විවෘත කරන කොට කරදරකාරී Internet Explorer වල බලපෑමෙන් තොරව කෙලින්ම opera වලින් විවෘතවෙලා පෙන්නනවා.
(මෙය 100% ක් මා විසින් අත්හදා බලන ප්‍රතිකර්මයක් බවත් , දෝෂ අවම බවත් කරුණාවෙන් සලකන්න.)