
ඔටෝ අයිටී යනු ඔබට හුරුපුරුදු කරදරකාරී වෛරසයක් වන fun.exe , google chrome වෙබ් බ්‍රව්සරයේ portable edition එක , hit man pro වෛරස් නාශකය.... ආදිවූ වැඩසටහන් නිපදවීමට භාවිත කරන ප්‍රබල scripting භාෂාවකි.ඉතා සිත්ගන්නා සුළු චිත්‍රක අතුරු මුහුණත් නිපදවීමට මෙය වර්තමානයේදී මෙම භාෂාව බහුලව භාවිතා කරයි.අමතර runtime libraries අවශ්‍යය නොවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.ඒ අනුව බලන කළ vb,C++,vb.net වලින් සාදන වැඩසටහන් වලට සාපේක්ෂව ඔටෝ අයිටී වලින් සාදන වැඩසටහන් වලට වැයවන්නේ අඩු ඉඩකි.මෙම භාෂාව http://www.autoitscript.com/autoit3 වෙබ් යන ලිපිනයෙන් භාගත කරගත හැක.තවද මෙයට අදාළ කේත සංස්කාරක වැඩසටහන http://www.autoitscript.com/autoit3/scite යන වෙබ් ලිපිනයෙන් ඔබට භාගත කරගත හැකිය. ප්‍රධාන වශයෙන් ඔබට ඔටෝ අයිටී වලින් ක්‍රමලේඛනය කිරීමට අවශ්‍යය වන්නේ මෙම වැඩසටහන් දෙකවේ.
