Friday, January 1, 2010

නව වසර, Gnome,KDE සමග ..

උදා වූ 2010 නව වසර සමග ශ්‍රී ලංකාවාසී සැමටම සෞභාග්‍යමත් නව වසරකට ආසිරි පතමි...

හා හා පුරා කියා අලුත් අවුරුද්දට සුබ පතන ගමන්ම අද අලුත් මාතෘකාවක් නොවන විවෘත කේත මෘදුකාංග සම්බන්ධ කාරණයක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නයි මේ සූදානම .

විවිධ ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කර ඇති ඔබ ඒවායේ ඇති විවිධ චිත්‍රක අතුරු මුහුණත්(Graphical User Interfaces )  පරිශීලනය කර ඇති බව නො අනුමානයි. මේ ලිනක්ස් සංස්කරණ වල පරිශීලක චිත්‍රක අතුරු මුහුණත් අතරින් ඔබ අසා ඇති සුලබ අතුරු මුහුණත් දෙකක් තමයි Gnome  හා KDE.කට්ටිය හිනාවෙන්න එපා මේකා මොකද්ද මේ කියන්න යන්නේ කියලා.පළමුව Gnome  ගැන කියමුකෝ..

Gnome අතුරු මුහුණත ගත්තොත් එය ලියා ඇති ක්‍රමලේඛන භාෂාව C .Ubuntu ඇතුලු Debian පවුලේ ලිනක්ස් සංස්කරණ,Fedora ආදී ලිනක්ස් සංස්කරණ වලට භාවිතා කරනවා .
 

අනෙක් අතුරු මුහුණත  තමයි KDE . සැකසීමට යොදා ගෙන ඇති ක්‍රමලේඛන භාෂාව තමයි C++ .මෙය Kubuntu,Fedora,Knoppix ආදී මෙහෙයුම් පද්ධති වලදී භාවිතා වෙනවා.
 

 
 තව දෙයක් තමයි  KDE Vs Gnome . ඒ කියන්නේ මේ අතුරු මුහුණත් සංවර්ධකයින් අතර පවතින සීතල යුද්ධය. මේක සීතල යුද්ධයක් වුන නිසාමයි හොඳ.මොකද මෙමගින් බිහිවන අලුත් අතුරු මුහුණත්
සංස්කරණ වලින් සෙතක් සැලසෙන්නේද ලෝක වාසී ලිනක්ස් පරිශීලකයින්ටමයි.(අපේ ලංකාවේ වැඩ දන්නා අයටත් මෙම මෘදුකාංග සංවර්ධනය කිරීමට දායකවීමට කිසිම තහනමක් නම් නැහැ.හොඳම උදාහරණය පහුගිය දවස්වල එළි දැක්වුනු Hanthana Linux)


තවත් චිත්‍රක පරිශීලක අතුරු මුහුනත් නැතිවා නොවෙයි.ඒවා කිහිපයක් XFCE,LXDE(Lightweight Desktop Environment)...


 
අද පොඩ්ඩක් ලිනක්ස් චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් ගැනත් ඒවායේ ක්‍රමලේඛන භාෂාව ගැනත් ලිවීමට සිතුනේ නව වසරේ අපේ කට්ටියට අලුතින් යමක් හිතන්නට ඉඩක් තබමින්.



එසේනම් අදට සමුගන්නවා .ඔබගේ වටිනා ප්‍රතිචාර මගේ බ්ලොගයේ සටහන් කරන්න.මට ඒවා ලොකු තල්ලුවක්.. ඔබ සැමට ජය....!

6 comments:

  1. සුබ අළුත් අවුරුද්දක්!

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා :) තව තවත් ලියන්න ශක්තිය ලැබේවා :)

    ReplyDelete
  3. සුබ නව වසරක්!

    Gnome, KDE, XFCE වගේම LXDE ත් අත්හදා බලලා තියනවා මම.

    මගේ කැමැත්ත පෙළ ගැහෙන්නේ මෙහෙමයි.

    Gnome > XFCE > LXDE > KDE

    KDE වල වෙන්න-වින්ඩෝස් (Winodws-wannabe) ස්‍වරූපය නිසා මට ඒක ටිකක් අප්‍රසන්නයි. LXDEත් වෙන්න-වින්ඩෝස් එකක් උනාට, KDE වලට වඩා මට හොඳයි.

    XFCE නං light-weight-Gnome කියල හඳුන්වන්න පුළුවන්.

    ඔය මොක තිබ්බත් මට නං දිරවන්නේ Gnome විතරයි! :)

    ReplyDelete
  4. මරු මරු, ඔහොම යාං...

    ReplyDelete
  5. ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි..(තමීර,කනියා,antharax).ඔබ සැමට නව වසර ජයෙන් ජයම වේවා...

    ReplyDelete
  6. අදනෙ මේ ලිපි පෙළ දැක්කෙ. දන්නම් මුල ඉදලම මම කියවගෙන යනව.පහුලාහරි සුබම සුබ නව වසරක්!!!!!!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..