Wednesday, October 26, 2011

Windows 7 (PSR) ගැන

කාලයකට පස්සේ ආයෙත් සුපුරුදු බ්ලොග් කෙරුවාවට ආවා ඕං. අද දවසේ ඔබට සුපුරුදු windows 7 මෙහෙයුම් පද්ධතියේ තිබෙන අපූරු උපාංගයක් ගැන කියන්න තමයි මේ සූදානම.මේ  උපාංගයේ නම තමයි PSR( Problem Steps Recorder).මේ ගැන විශේෂයෙන්ම සඳහනක් කරන්න හිතුනේ දැනටමත් windows 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා තමන්ගේ බ්ලොග පවත්වාගෙන යන සහෘදයන්ට උදව්වක් විදිහට :-) . තමන්ගේම බ්ලොග් සටහන් වලට අවශ්‍ය තිර සටහන් ගන්න සමහරවිට තරමක කට්ටක් කන්න ඕන . ඒව සංස්කරණය කරන්නත් තරමක කාලයක් ඔබට වැයවෙනවා . මේ මම සඳහන් කරන psr වලින්  එම කාර්යය ඉක්මන් කරගන්න පුළුවන්.

පළමුව පහත තිරසටහනේ දැක්වෙන ආකාරයට Start menu එකේ psr ලෙස සටහන් කරන්න..(windows 7 වලදී)



ඉන්පසු ලැබෙන වැඩසටහනේ සුපිරි පරිශීලක පහසුකම ක්‍රියාත්මක කරන්න.(එතකොට තමයි හරියට වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ, පහත තිර සටහන් පරීක්ෂාකාරීව බලන්න.)






ඉන්පසු start record බොත්තම ක්‍රියාත්මක කරන්න. මෙවිට මෙම වැඩසටහන පසුබිමේ ක්‍රියාත්මක වනවා. අප කරන සියලු ක්‍රියාකාරකමක්ම මෙම වැඩසටහන මගින් පටිගත වෙනවා.





ඕනම වෙලාවක මෙම තිරය පටිගත කිරීම නවත්වා ආයෙත් නවත්තපු තැන සිට ක්‍රියාත්මක කරන්නත් පුළුවන් .



අවශ්‍ය කොටස පටිගත කරගත් පසු Stop record බොත්තම ඔබන්න. එවිට ඔබට එම සිදුවූ සියලු කාර්යයන් zip ගොනුවක් ලෙසට සුරක්ෂිත කරගත හැකියි..






එම පටිගත කරගත් දෙය නැවත බලන්න වුවමනා නම් ඔබට කරන්න තියෙන්නේ අදාල zip ගොනුව විවෘත කරලා .mht ගොනුවක් ලෙසට තිබෙන පටිගත කිරීම opera,ie වගේ බ්‍රවුසරයකින් නරඹන එක විතරයි.


.mht  ගොනුව විවෘත කරලා බැලුවොතින් ඔබට පෙනෙන දෙයක් තමයි සෑම තිර සටහනකම සෑම  mouse click එකක්ම ලා කොළ  පැහැයෙන් ලකුණු වෙලා තිබෙන බව. ඕන නම් මෙම තිර සටහන් නැවත අපගේ කාර්යයන්ට යොදා ගන්න පුළුවන්.ඒ අතින් බැලුවහම මෙම මෘදුකාංගය ලොකු පහසුවක්.



අද සටහන ලිව්වේ ටිකක් කලබලයෙන් , අඩුපාඩු ඇති ඒවා සටහන් කරන්න , එහෙනම් අදට සමු ගන්නවා . ඔබ සැමට ජය !

13 comments:

  1. Thanks buddy, I never know such a thing.

    ReplyDelete
  2. control circuit, PIC wada one.....

    ReplyDelete
  3. Maxxama. Maxxa...
    Thanks Mallie.

    Obata Jaya Wewa !!!

    ReplyDelete
  4. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි.තව කාරණයක් කියන්න බැරිවුනා.මෙම මෘදුකාංගය තව කෙනෙකුට ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙසට ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්

    ReplyDelete
  5. elazzzzz,පට්ටම වටින දෙයක් බං....

    ReplyDelete
  6. ඒල මචන්. මම දැනගෙන හිටියේ නෑ මේක ගැන. වැදගත් ලිපියක්.

    ReplyDelete
  7. @කසුන්,thilina
    ප්‍රතිචාර දැක්වූවාට ගොඩක් තුති..!

    ReplyDelete
  8. ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete
  9. සිරාවට සතුටුයි මචං ගොඩකවෙල අපේ ගමේ කොල්ලෙක් මේ වගේ පට්ට බ්ලොග් එකක් කරන එක ගැන ...එල මචං පට්ට බ්ලොග් එක දිගටම කරන් යන්න ...සුබ පැතුම්

    ReplyDelete
  10. සිරාවට සතුටුයි මචං ගොඩකවෙල අපේ ගමේ කොල්ලෙක් මේ වගේ පට්ට බ්ලොග් එකක් කරන එක ගැන ...එල මචං පට්ට බ්ලොග් එක දිගටම කරන් යන්න ...සුබ පැතුම්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..