Monday, December 14, 2009

මෙය ඔබ අත්හදා බැලුවාද ?

වෙනසක ඇරඹුම මගින් නව වෙනසක් ඔබ වෙත ගෙන ඒමට තැත් කළත් , එම කාරණය දවසින් දවස කල් යාමට හේතු කාරණා බොහොමයි.දෙවන වසරේ ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාවේ කරුණු ඇසුරින් ඔබ වෙත ගෙන ඒමට තැත් කළ කාරණා පැත්තකට දාලා අද මම virtual box තුළ අත්හදා බැලුනු RedHat Enterprise Linux 5.3 සංස්කරණයේ ටර්මිනලය තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ shell විධාන පෙළක් ඔබ වෙත ගෙන එනවා.

මෙය අනිකුත් ලිනක්ස් සංස්කරණ වලටද පොදු මෙන්ම පොදු නොවූ ඒ විධාන ටර්මිනලය තුළ අත්හදා බැලීම ඔබට නවමු අත්දැකීමක් විය හැකියි.

සාමාන්‍යයෙන් ඔබට පරිගණක දෘඩ තැටිය ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහත විදාන පෙළ ටර්මිනලයේ සටහන් කරන්න.

duminda@duminda-laptop:~$ cat /proc/partitions

duminda@duminda-laptop:~$ cat /proc/swaps

duminda@duminda-laptop:~$ cat /proc/filesystems

duminda@duminda-laptop:~$ cat /proc/mounts


ඔබට ප්‍රොසෙසරය හා පරිගණක මතකය පිළිබඳ දැනගැනීමට අවශ්‍යනම්,

duminda@duminda-laptop:~$ cat /proc/cpuinfo

duminda@duminda-laptop:~$ cat /proc/meminfo


යන විධාන පෙළ ඇතුළත් කල හැකියි.

ලිනක්ස් කර්නලයේ අනුවාදනය දැනගැනීමට අවශ්‍යය නම්

duminda@duminda-laptop:~$ cat /proc/version  සටහන් කරන්න .

පොඩි විනෝදයක් ගන්න ඕන නම්,

duminda@duminda-laptop:~$ cat /proc/kcore
(වැඩේ ආතල් නේද ? හරියට පරණ ඩොස් ගේම් එකක වගේ පද්ධති ස්පීකරයෙන් සද්දේ එනවා නේද ?)

මතක ඇතිව මෙය නිසියාකාරව වැඩ කිරීමට අනිවාර්යයෙන්ම සුපිරි පරිශීලක විය යුතුයි. (su විධානය ලබාදී ඒ බව තහවුරු කරගන්න.)

මේ විධානය නවතින්න ටිකක් වෙලා යයි. මේකෙන් එන සද්ද වලට බය වෙන්න එපා . "ලිනක්ස් වලදී ටර්මිනල විධාන නවත්වන්න හොඳම ක්‍රමය Ctrl+Z "

මේක ගැන වැඩිදුර විස්තර ශාකුන්තලගේ සටහනෙහි මම දක්වපු ප්‍රතිචාරයකට ශාකුන්තල දීපු පිළිතුරක ඇති .

කට්ටියට මේ මං කියන දේ විශ්වාස නැතිවෙයි කියලා හිතෙන නිසා තිර සටහනක් දානවා..








ලිනක්ස් පවුලේ ඔබ සැම අතර ජනප්‍රිය Ubuntu,Fedora,RedHat Linux,Linux Mint,Gentoo Linux සංස්කරණ වල මේ විධාන හොඳට වැඩකරනවා . අපේ කට්ටිය හදපු Hanthana Linux
වලට නම් මම මේවා අත්හදා බැලුවේ නම් නැහැ .

එහෙනම් මිතුරනි අදට සමු ගන්නවා . මොකද මට 24 වෙනිදා වෙනකම් මේ වසරේ අවසාන විද්‍යාගාර,පැවරුම් ගොඩ ගැහිලා නිසා .
මේ විධාන ගැන තවදුරටත් පසු ලිපියක සඳහන් කරන්නම්.ප්‍රතිචාර ප්‍රමාද වූවාට අවුලක් තියා ගන්න එපා . ඔබ සැමගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.

4 comments:

  1. හන්තාන ලිනක්ස් යනු Fedora පාදක කොට නිමවූ මෙහෙයුම් පද්ධතියක් බැවින් එහි Fedora හි විධාන එලෙසින්ම භාවිතා කල හැක.

    www.hanthana.org

    ReplyDelete
  2. @ගයාන් තාරක
    ස්තූති මලයා ප්‍රතිචාරයට ...

    ReplyDelete
  3. "ලිනක්ස් වලදී ටර්මිනල විධාන නවත්වන්න හොඳම ක්‍රමය Ctrl+Z "

    පොඩි නිවැරදි කිරීමක්,
    Ctrl+Z = Stop (Pause කළා වගේ)
    Ctrl+C = Terminate

    ReplyDelete
  4. @ශාකුන්තල
    ස්තූතියි නිවැරදි කිරීමට,

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..