Sunday, June 13, 2010

පරිගණක පාලන පද්ධති -1

ඩිස්ක්ලේමරය: පරිගණකය යනු සියුම් හා සංකීර්ණ පරිපථ වලින් සැදි වටිනා උපකරණයකි . මෙම තාක්ෂණික  ලිපියෙහි සඳහන් ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට යාමේදී සිදුවන විදුලි කාන්දුවීම් මගින් පරිගණකයට සිදුවන හානි සඳහා තාක්ෂණික රචකයා වග නොකියයි. ඔබ මෙහිදී සාදන දෘඩාංග  පෑස්සුමෙන් පසු නිසියාකාරව සවිවී ඇතිද? ලුහුවත් ස්ථාන තිබේද? යන්න හොඳින් පරීක්ෂා කර බලන්න.. ස්තූතියි.

ඔන්න පොරොන්දු වුන විදිහට අද දින සිට පරිගණක පාලන පද්ධති පිළිබඳ පළමු පාඩම සහෘද ඔබ වෙත ගෙන එනවා.පරිගණක පාලන පද්ධති Computer Control Systems කිව්වහම ඔබට මොකද හිතෙන්නේ? ලොකු දෙයක් නෙවෙයි, පරිගණකයට සවිකොට තිබෙන පර්යන්ත උපාංග (pheriperal devices) එහෙමත් නැතිනම් ආදාන/ප්‍රතිදාන උපාංග (I/O Devices) පරිගණක මව් පුවරුව හා සම්බන්ද වන්නේ තො‍ටුපල (ports) මගින්. එම තො‍ටුපල පරිගණක වැඩසටහන් මගින් නිසියාකාරව පාලනය කිරීම port controlling නමින් හඳුන්වනවා. ඇතැම් විට ඔබ දැනටමත් දැක ඇති උදාහරණයක් ලෙස වාහන කර්මාන්ත ශාලාවක ඇති උපාංග එකලස් කරන රොබෝ දෑත් මෙම තාක්ෂණය මත පදනම් වී ඇති බව ඔබ මොහොතකට සිතුවාද? තවද මෙම උපාංග වල සංයුක්ත පද්ධති (Embedded Systems) ද ඇත.
                                          මම මේ ගෙන එන පාඩම් මාලාවට පදනම් වෙන්නේ පරිගණකයේ පසුපස දක්නට ඇති සමාන්තරගත තො‍ටුපල(parallel port). වර්තමාන මව් පුවරුවලනම් මෙය අඩංගු වන්නේ නැහැ.(විශේෂයෙන් intel  මව්පුවරුවල,AMD මව්පුවරුවල නම් මෙම තාක්ෂණය තවමත් ඉවත් කර නැහැ.). තමන් ගාව මේ පරීක්ෂන කරන්න parallel port එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. ඔබේ මව් පුවරුවේ අමතර PCI Slot එකක් තියෙනවනම් ECP හෝ EPP වර්ගයේ I/O card එකක් සවිකරලා drivers install කර ගත්තාම හොඳටම ඇති . නැතිනම් ඔබ ගාව පරණ PIII/PIV වගේ පරිගණකයක් තියෙනවානම් එකේ නම් අනිවා parallel port එකක් තියෙනවා. ඒකට අමතරව පිටකො‍ටුවේ ඉලෙක්ට්‍රොනික කඩයකින් parallel port male socket එකක් ගන්න. මිල රුපියල් 30 ක් විතර වෙයි. මේ සොකට්‍ටුව (male socket)  එක ගන්නේ port එකේ ආරක්ෂාවට."මොන දේ කළත් ආරක්ෂාවෙන එක ආරක්ෂා කරන එකෙ වැදගත්(safety first)" .ආරක්ෂා කරන්නේ මොකක්වත් නෙවෙයි . පරිගණක මව් පුවරුව.මොකෝ  පරිගණක මව් පුවරුව කියන්නේ සුළු විදුලි කාන්දු වලින් පවා විනාශ වෙන පරිපථයක් .
               
                  මේ රූපයේ දැක්වෙන්නේ එවැනි male socket එකක්








සමාන්තරගත ද්වාරය ගත්තහම ඒකේ ප්‍රධාන රෙජිස්ටර තුනක් තියෙනවා. කියන්නත් බැරිවුනා මොකක්ද මේ රෙජිස්ටරයක්  කියන්නේ (what register means) ? පරිගණක භාෂාවෙන් රෙජිස්ටරයක් කියන්නේ තාවකාලික මතක  ස්ථානයක් (tempory memory location or speed memory location).තාවකාලිකව යම් යම් අගයයන් පරිගණක මතකයේ රඳවන්න මේවා භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් parallel port   එකේ රෙජිස්ටර තුනක් තිබෙනවා. ඒවා නම් දත්ත රෙජිස්ටරය (data register),තත්ත්ව රෙජිස්ටරය (status register)  හා පාලන රෙජිස්ටරයයි control register . දත්ත රෙජිස්ටරය හා   පාලන රෙජිස්ටරය පරිගණක මුද්‍රණ යන්ත්‍රය හෝ බාහිර උපකරනය වෙත දත්ත යැවීමට භාවිතා කරන අතර තත්ත්ව රෙජිස්ටරය පරිගණකය වෙත පිටතින් පැමිණෙන දත්ත පිළිබඳව වගකියනවා.
     
                පහත දැක්වෙන්නේ එම රෙජිස්ටර පිළිබඳ  රූප සටහනක්






 මම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ මේවායින් දත්ත පිටතට ගෙනයන දත්ත රෙජිස්ටරය (data register) භාවිතයෙන් සරල විදුලි උපකරණ  පාලනය කරන සරල පරිගණක වැඩසටහන් සැකසීම පිළිබඳව ඔබහට යම්තාක් දුරකට දැනුම ලබාදීමටයි. එහෙනම් අදට සමුගන්නවා . ඉතිරිය පස්සේ  දවසක ....

11 comments:

  1. එළ වැඩක්
    සුභ පතනවා
    E-mail subscribe දාන්නකො පුළුවන්නම්
    නැත්නම් අළුත් ලිපි මගඇරෙන්න පුළුවන්

    ReplyDelete
  2. නියමයි අයියෙ...දිගටම ලියමු එහෙනම්

    ReplyDelete
  3. එල එල දීගටම ලියන්න... ගොඩක් කාලෙක ඉදලා හොයපු දෙයක්....

    ReplyDelete
  4. අයියේ...මේක තාක්ෂණික ලිපියක් නිසා සරළ,තාක්ෂණික ඉන්ග්‍රිසි වචන ඉන්ග්‍රිසියෙන්ම ලියන්න.(උදා:- Parallel port == සමාන්තරගත ද්වාරය).අපි ඉදිරිය්ටත් ලිපි බලපොරොත්තු වෙනවා. email subscriptionනුත් දාන්න.දන්නේ නැත්නම් මෙතනට(http://bit.ly/9Db7z5)යන්න. have a nice day!

    ReplyDelete
  5. සෝයි.... දිගටම ලියන්න,
    හුඟක් දෙනා මේ ක්ෂේත්‍රයේ බ්ලොග් ලියන්න පටන්ගත්තත් ලිපියෙන් දෙකෙන් වැඩේ අතරමග. එහෙම නොකර දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනවා.
    (ම්ම්ම් අර word verification එක ඕනමද?)

    ReplyDelete
    Replies
    1. dear brother i have compelted 6 posts about this category, i you find it helpful please send your feedback .

      Delete
  6. නොගැලපෙන වචන දාලා පෝස්ට් එක කැත කරන්න එපා. තොටුපල‍‍‍‍‍..... ඉංග්‍රීසි ගෙඩි පිටින් පරිවර්තනය කරන්න එපා

    ReplyDelete
  7. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි. සමහර කට්ටියට සිංහල ගෙඩිපිටින් පරිවර්ථනය අල්ලන්නේ නැතිනිසා තාක්ෂණික වචන කඩ්ඩෙන්ම දානවා..
    anonymous සහෝදරයට මම කියන්නේ කෙලින්ම තමන්ගේ නම දාන්න , මේක විවෘත සංවාද මණ්ඩපයක් .
    සැමට ජය..

    ReplyDelete
  8. hoda wadak digatama karagena yanna i wish u all the best

    ReplyDelete
  9. neyamaii lokkaaaaaaa (Lokka kewe Satuta wadi kamata) neyamaii degatama liyanna
    Jaya wewaaaaaaaa

    ReplyDelete
  10. @Ruwan Sampath Wickramathilaka
    බොහොම ස්තූතියි . දැන් සම්පූර්ණ ලිපි හයක් ඉවරයි..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..