ඔන්න අද පටන් මගේ ආදරණීය මිතුරු සහෘදයන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන ලිපි පෙළෙහි පළමු ලිපිය මෙලෙස සනිටුහන් වනවා.ඉස්කෝලේ යන නංගිලා,මල්ලිලාත් මේ ලිපි පෙළ බැලුවත් වරදක් නැහැ කියලයි මම කියන්නේ.ඔබ සැවොම අන්තර්ජාලය භාවිතා කරනවා නේද? ඒකනේ ,මෙච්චර ප්‍රමාණයක් බ්ලොග් කියවන්නේත්,ලියන්නේත්. ඔබ මදකට සිතා බැලුවාද අන්තර්ජාලය පිරික්සන වෙබ් ගවේශකය (IE,Firefox,Chrome) ගැන? නිකමටවත් හිතුනද එය සෑදී ඇත්තේ කෙසේද කියා? කෙනෙක් කියයි , "අය්යෝ ඕක මොකක්ද? නිකන් කොහෙන් හරි programming කෑලි ටිකක් අටවලා හදලා ඇති,හොයලා ඇති වැඩේ මොකක්ද " කියලා. ඔව් programming කෑලි ටිකක් අටවලා තමයි , ඒත් අපි හිතනවට වඩා ඒක සංකිර්ණයි.වෙබ් ගවේශකයක් හදද්දී විවිධ නීති රීති හා සම්මුතීන් රැසක් භාවිතා කරනවා..ඒවා අනුව තමයි වෙබ් ගවේශකයක් සැකසෙන්නේ. හරි වැඩි විස්තර පසුවට කතා කරමු.මේ ලිපියට මොරටුව සරසවියේ මිතුරෙක් වන ඉසුරු උදානගේ බ්ලොග් ලිපියත් හොඳ තල්ලුවක් වුනා. එයට ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕන.
මූලිකවම නූතන වෙබ් ගවේශකයක (web browser) ආකෘතිය පහත රූප සටහනේ දැක්වෙන ආකාරය ගන්නවා . මෙම ආකෘතියට අනුව තමයි බොහොමයක් නූතන වෙබ් ගවේශක නිපදවන්නේ..
මෙම නූතන වෙබ් ගවේශක වලට පෙර තිබුනේ අකුරු පාදක (text based) වෙබ් ගවේශක.උදාහරණ වශයෙන් කිව්වොත් www, lynx වගේ ඒවා . ඒවා ගැනත් විස්තරයක් මේ ලිපි පෙළේ පසුවට ලියවෙන ඒවා වලදී සඳහන් කරන්නම්. එහෙනම් අදට නවතිනවා . මතක ඇතුව ඔබගේ වටනා අදහස් මෙහි පළ කරන්න.
අමතර එකතු කිරීමක් 2011/05/01
1.පරිගණක පාලන පද්ධති -1
2.පරිගණක පාලන පද්ධති -2
3.පරිගණක පාලන පද්ධති -3
4.DLL නැතිනම් (Dynamic Link Libraries) ගැන
5.DLL නැතිනම් (Dynamic Link Libraries) ගැන
මුන්නා නියම වැඩක්. දිගටම කරගෙන යමු
ReplyDelete@kalana
ReplyDeleteබොහොම ස්තූතියි
එල එල, සිරා බ්ලොග් එකක් ඔහොම යන්
ReplyDelete