තවත් පැහැදිලි වෙන්න විස්තරාත්මක තිර සටහනක් මෙවර පළ කරනවා.
Windows XP මෙහෙයුම් පද්ධතිය Windows NT ජාලකරණ මෙහෙයුම් පද්ධතිය අනුකාරක මෙහෙයුම් පද්ධතියක් .ඒ හින්දා windows NT වලට අදාළ ආරක්ෂක ක්‍රම windows XPත් අනුගමනය කරනවා . තොටුපොළකට (port) ඇතුළත් වෙද්දි (acess) මෙහි සමහර ආරක්ෂණ ක්‍රම ස්වල්ප වෙලාවකට ලිහිල් කරන්න වෙනවා. ඒ ක්‍රමයට තමයි මෙහිදී සාදන පරිගණක පාලන පද්ධතිය ක්‍රියා කරන්නේ .
මෙම ආරක්ෂණ ක්‍රමය ගැන විස්තරාත්මකව කිව්වොත් මෙම මෙහෙයුම් පද්ධති වල ධාවනය වන වැඩසටහන් කොටස් දෙකකින් යුක්ත වෙනවා.
පළමු කොටස User Mode ලෙසත් අනෙක් කොටස Kernal Mode ලෙසත් හඳුන්වනවා . සරසවි වල ඉන්න අපේ තොරතුරු තාක්ෂණය හදාරන සහෘදයෝ නම් Operating Systems,Computer Architecture යන විෂයය යටතේ මෙම කරුණු හොඳට දන්නවා ඇති කියලා මම හිතනවා. පාසල් යන නංගිලා,මල්ලිලාට හා මෙම විෂයයට ආධුනිකයන්ට පහසුවෙන්න මෙය ගැන මම හොඳ විස්තරයක් දෙන්නම්.
User Mode වැඩසටහන් Ring 3 Mode එකේ ධාවනය වනවා.Kernal Mode එකේ වැඩසටහන් Ring 0 Mode එකේ ධාවනය වනවා.අප විසින් නිර්මාණය කරන තොටුපළ සන්නිවේදන වැඩසටහන් windows මෙහෙයුම් පද්ධතියේ ධාවනය වනවිට මෙහෙයුම් පද්ධතිය එහි ආරක්ෂිත ක්‍රම ක්‍රියාත්මක කරනවා. මෙහි පියවරක් ලෙස තොටුපළවලට (ports) සන්නිවේදනයට බාධාවක් ඇතිවෙනවා.මෙහිදී windows මෙහෙයුම් පද්ධතිය දෝෂ පනිවුඩයක් ඉදිරිපත් කරනවා.
එනමුදු Kernal Mode එකට අයත්වන වැඩසටහන් වලට මෙම සීමාකිරීම නොමැති අතර (dll,sys,vxd වැනි Device drivers) මෙහෙයුම් පද්ධතිය ඒවාට නිදහසේ ක්‍රියාකිරීමට ඉඩ ලබාදෙයි. Win XP වැනි ආරක්ෂිත උපක්‍රම යෙදූ මෙහෙයුම් පද්ධතියකට තොටුපළ සන්නිවේදන වැඩසටහන් ලිවීමේදී කළ හැකි හොඳම දෙය නම් අප ලියන වැඩසටහනට අනුරූපව Device drivers අපම නිපදවා ගැනීමයි.(Dll සෑදීම ගැන මම පසුව ලිපියක් පළකරනවා)
මා මෙහිදී භාවිතා කරන්නේ Inpout32.dll නැමැති Device driver එකයි. ක්‍රමලේඛන සමෝධානික සංවර්ධන පරිසරය (IDE-Intergrated Development Environment) Visual Studio .net 2003,2005,2008. මෙම Dll ගොනුව logix4u.net නම් මෙම අඩවියෙන් ලබාගැනීමට හැකිවන අතර මෙම Dll ගොනුව Visual basic 6,Visual Studio .Net වැනි ක්‍රමලේඛන භාෂා වලින් සාදන තොටුපළ සන්නිවේදන වැඩසටහන් සඳහා භාවිතා කරන්න පුළුවන්.
පළමුවෙන්ම කරන්න තියෙන්නේ මෙම Dll ගොනුව Windows මෙහෙයුම් පද්ධතියේ c:\windows\system , c:\windows\system32 folder වලට පිටපත් කරගැනීමයි . මේක හරියටම driver එකක් install කළා හා සමානයි.
ඉන්පසුව Visual Studio 2005 වල නව ව්‍යාපෘතියක් යටතේ නව Visual Basic ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.නම දෙන්න ports වගේ නමක් :) .ඉන්පසුව Declarations යටතේ පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට සටහන් කරන්න(මෙයින් කරන්නේ Inpout32.dll ගොනුවේ තිබෙන functions වැඩසටහන තුළට
ගැනීම.)
කලින් වතාවක කියූ පරිදි මෙම වැඩසටහන ලියන්නේ දත්ත රෙජිස්ටරයේ (Data register) එකේ අග්‍ර වලින් දත්ත පිටතට ගැනීමට. එනම් එම අග්‍ර වලින් සරල විදුලි උපකරණ පාලනය කිරීමට . එහෙනම් හදන්න ඕනි දත්ත පිටතට යවන වැඩසටහනක් . මේ තියෙන්නේ එම වැඩසටහනේ අතුරුමුහුණත.
අදාල විධාන බොත්තම මත දෙක්ලික් කළහම ක්‍රමලේඛන කිරීමට අපට අවස්ථාව ලැබෙනවා.
පහත දැක්වෙන්නේ මෙම අතුරුමුහුණතට අදාල සම්පූර්ණ ක්‍රමලේඛන සටහන .
මේකේ 888 ලෙස දී ඇත්තේ දහසයේ පාදයෙන් 378H යන අගයම තමයි. මට වැරදිලා කියලා හිතන්න එපා.. 888 දහයේ පාදයෙන්..
මෘදුකාංගය හැදුවාට දෘඩාංග කොටස හැදුවේ නැහැනේ. මෙන්න ඒ දෘඩාංග කොටසේ විස්තර.
පහසුවෙන් හොයාගන්න පුළුවන් ආලෝක විමෝචක ඩයෝඩ LED අටක් , male parallel port connecter එකක් , හා 470 Ω හෝ 330Ω ප්‍රතිරෝධක අටක් භාවිතා කරලා මේ දෘඩාංගය සාදාගන්න පුළුවන්. මෙහි (-) අග්‍ර සියල්ලම එකට පාස්සලා male connector එකේ 18 ඉඳන් 25 වෙනකම් තියෙන ඕනෑම අග්‍රයකට පාස්සන්න.(පහත දැක්වෙන්නේ එසේ සාදා නිමකල දෘඩාංගය)..
මේ ඔක්කොම කළාට පස්සේ දෘඩාංගය පරිගණකයේ පිටුපස female socket එකට සවිකරලා පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කරලා බලන්න. විවිධ අගයයන් දීලා බලන්න . සෝක් වැඩේ නේද .කොම්පුටරෙන් ලයිට් පත්තු කරන්න පුළුවන්..!
ඉඳින් ආදරණීය සහෘදය මේ සමගම පරිගණක පාලන පද්ධති පිළිබඳ ලිපිපෙළ අවසන් කරනවා. ඔබගේ වටිනා අදහස් මෙහි පළ කරන්න . අවුලක් තියේනම් ඒවාත් සටහන් කරන්න. ඔබ සැමට ජය..
---------------------------------------------------------------------------------------------------------
පසුව ලියමි 2010/10/07
පරිගණක පාලන පද්ධති පිළිබඳ මුල් ලිපි පෙළ
නියමයි අයියෙ..එළ
ReplyDeleteඅයියෙ දැන් ඉතින් ටිකක් හරි නිවාඩු තියෙන එකේ මේ වගේ මැක්ස පෝස්ට් ටිකක් දාන්නකො
great bro
ReplyDeleteමල්ලියා,දිගටම කරගෙන යන්න.ගොඩක් වැදගත්.
ReplyDeleteඔයාට පුලුවන්නම් මට "පැරළල් පෝර්ට් ප්‍රෝග්‍රැමින්"ගැන පැහැදිළිව ලියවුනු පොතක් කියන්න පුලුවන්ද?
ReplyDelete@dinesh
ReplyDeleteඅසෝක එස් කරුණානන්ද මහතාගේ " පරිගණකයෙන් තවත් වැඩ පොත " කියවන්න පුළුවන්නම් මේ ගැන ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්.
@hasitha
මලයෝ අයෙමත් වැඩ ගොඩ ගැහිලා. exam ඉවර වුනාට assignments,labs තියෙනවනේ..
එලම තමයි. බඩු වැඩ.
ReplyDeleteස්තුතියි
@mali_89
Deleteබොහොම ස්තුතියි අත්හදා බලලා අලුත් දැනුමක් ලබාගත්තානම් . ගොඩක්ම සතුටුයි!
ගොඩාක් වටිනවා....මේ වගේ යු.එස්බී පෝර්ට් එකෙන් වැඩ කරන්න ක්‍රිමවේදයක් තියෙන්වාද?
ReplyDelete@saman wijerathne
Deleteදැන් නම් තාක්ෂණය ගොඩක් දියුණු වෙලා . Arduino වගේ Microcontroller/Processing Boards ඇවිල්ලා. ලංකාවෙත් දැන් ගන්න තියෙනවා . www.arduino.cc ගියොත් ඔයාට වැඩිපුර විස්තර හොයාගන්න පුළුවන්.මේවායින් USB port එකත් එක්ක පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවනි.